1. Mark Twain and Halley's Comet

මාක් ට්වේන්(Mark Twain) ගැන අහලා ඇති නේද කට්ටියම? පොර ලේඛකයෙක්. ඉපදිලා තියෙන්නේ Halley's Comet කියන වල්ගා තරුව 1835දී පෘථුවියට දිස්වුණු දවසේ. ඒ වල්ගා තරුව නැවත දිස්වෙලා තියෙන්නේ 1910දී, මරුම සීන් එක තමයි මාක් මැරෙන්නෙත් ඒ තරුව දිස්වුණු දවසේමයි. 1909දී මාක් මෙහෙමත් කියලා තියනවා, "I came in with Halley's Comet in 1835. It is coming again next year, and I expect to go out with it."


2. ග්‍රීන්බෙරි හිල්

1911 නොවැම්බර් 26 වෙනිදා ලන්ඩන් ග්‍රීන්බෙරි හිල් හිදී තුන්දෙනෙක්ව එල්ලා මරනවා, ඒ සර් එඩ්මන් බෙරීව ඝාතනය කිරීම නිසා, ඔවුන් තිදෙනාගේ නම් ග්‍රීන්, බෙරී සහ හිල්.


3. Umberto I

19 වැනි සියවසේ ඉතාලිය රජකරපු Umberto I රජතුමා 1900 ජූලි 23 වෙනිදා මොන්සා නගරයේ අවන්හලක රාත්‍රි භෝජනය ගන්නවා, මේ ආපන ශාලාවේ අයිතිකාරයා රජතුමාගේ හැඩරුවර ගොඩාක් සමානයිලු, ඒ විතරක් නෙවෙයි රජතුමාගේ නමයි මේ පොරගේ නමයි දෙකමත් සහ රජාගේ රැජිනගේ නමයි අර පොරගේ වයිෆ්ගේ නමයි දෙකමත් සමානයිලු. ඒ ආපන ශාලාව විවෘත කරල තියෙන්නේ මේ රජතුමා රජවුණු දවසෙමලු. අන්තිමේට රජායි, ආපන ශාලා අයිතිකාරයයි දෙන්නම මැරිලා තියෙන්නෙත් එකම දවසේලු, ඒ වෙඩි කාලා.


4. Henry and the බූට් Bullet

1883දී Henry Ziegland කියන පුද්ලගයා පොරගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට බූට් එක තියනවා, අර කෙල්ල මේක දරා ගන්න බැරිව සියදිවි නසා ගන්නවා. මේකට මලපැනපු කෙල්ලගේ අයියා Henryව හොයාගෙන ඇවිත් පොරට වෙඩි තියලා තමනුත් වෙඩි තියාගන්නවා. ඒත් Henry මැරෙන්නේ නැහැ. බුලට් එක ඇඟ ඇතුලට යන්නේ නෑ, පොඩි සීරිමක් විතරක් වෙන විදියට ඇඟේ ගෑවී නොගෑවී ගිහින් ළඟ තිබ්බ ගහක වදිනවා.
අවුරුදු කීපයකට පස්සේ පොර මේ ලොකු ගහ ඉවත් කරන්න ඕනි වෙලා ඩයිනමයිට් දාල ගහ පුපුරවනවා, ඒ පිපිරීමේ පවර් එකට ගහේ කඳේ තිබ්බ බුලට් එක ඇවිත් පොරගේ වැදිලා පොර මැරෙනවා.


5. Fallon's $600

1858 දවසක රොබට් ෆැලන් කියන පුද්ගලයා සූදු (poker) ක්‍රීඩාවක නිරත වෙලා ඉද්දී ඇතිවුණ ආරවුලක් නිස වෙඩි කනවා, ඉතින් ඔය කේස් එකෙන් පස්සේ සෙල්ලම කරගෙන යන්න හැදුවට $600ක් දිනලා හිටපු ෆැලන්ගේ තැන වාඩි වෙන්න කවුරුත් කැමති වෙලා නැහැ. නමුත් ඔතනට ආපු තරුණයෙක් ඒ $600ත් අරගෙන එතැන ඉඳන් ගේම් එක කරගෙන යන්න පටන්ගෙන තියනවා, $600 $2200ක් දක්වා වැඩි කරගන්න ඔහු සමත් වෙලත් තියනවා, නමුත් ඔතනට ආපු පොලීසිය ෆැලන් දිනපු $600 ඉල්ලලා තියනවා ඔහුගේ යැපෙන්නන් ඉන්නවා නම් භාරදෙන්න.
නමුත් මේ අලුතෙන් සෙට් වුණු පෝකර් කාරය වෙන කවුරුත් නෙවෙයි, අවුරුදු 7කින් තාත්තව දැකලා නැති ෆැලන්ගේම පුතා.